Posts

පෝස්ටර් සංස්කෘතියට විරුද්ධ වෙමු !

Image
මැයි හයවෙනිදා තියෙන්නේ පළාත් පාලන මැතිවරණය.  ඒ කියන්නෙ ගමේ අපේක්ෂකයෝ ගමේ නගර සභාවට, ප්‍රාදේශීය සභාවට, මහ නගර සභාවට තෝරාගන්න චන්දේ. ගමට වැඩ කරන්න කියලා ඡන්දේ ඉල්ලන අපේක්ෂක අපේක්ෂිකාවන් ගම වනසන කාලයක් තමයි මේ උදාවෙලා තියෙන්නේ. මෙහෙම ගම වනසන, පරිසරය විනාශ කරන පුද්ගලයන් නගර සභාවට, ප්‍රාදේශීය සභාවට, මහ නගර සභාවලට ඇවිත් ගම දියුණු කරයි පිරිසුදු කරයි කියල හිතන්න පුළුවන්ද? හැබැයි හැමදාමත් අපේ මිනිස්සු එහෙම හිතුවා. හැමදාමත් මිනිස්සු රැවටෙන්න ඕනද?  දැන්වත් රැවටුනා ඇති නේද? ඇත්තටම කියන්න කණගාටුයි. මේ අපේක්ෂකයන් හිතාගෙන ඉන්නේ  මුහුණත් තහඩුව  දාලා  පෝස්ටර් ගැහුවම  මේව දකින ජනතාව  ඔවුන්ට ඡන්දය දෙයි කියලා. මේක ඉතාම මෝඩ අමන සිතුවිල්ලක්.   පසුගිය මැතිවරණයේදී  ලාංකීය ජනතාව හොඳ   බුද්ධිමත් තීරණයක් අරගෙන තිබුණ බවක් පැහැදිලියි. මෙයින් කිසි ලෙසකින් අදහස් කරන්නේ නැහැ එක්තරා පක්ෂයකට  ච න්දය ප්‍රකාශ කිරීම තමයි නිවැරදිම තීරණය කියලා.  කොහොම නමුත් මෙච්චරකල් මේ රටට මොකක්ද උනේ, පහුගිය රජයන්, පාලකයන් රටට මොකක්ද කරේ කියන එක ජනතාව හරිහැ...

අලුතෙන් දෙයක් කරලා බලන්න හිතුණා.

නිකන්ම ඉන්නෙ නෑතුව මොනවහරි දෙයක් ලියන්න ඕන කියලා හිතුණා. නිකන්ම ඉදලා මෑරිලා යන්වට වඩා කාටහරි හෑදෙන්න දෙයක් කියන්න පුළුවන් නම් ඒකත් ලොකු දෙයක්නෙ. පලාත් පාලන මෑතිවරණයත් අත ළගම නිසා, ඒ සම්බන්ධ දෙයකින්ම පටන්ගන්න හිතුවා.